ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝහි මියගිය පුද්ගලයින් ගණන 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එම රෝගය වැළදුණු රෝගීන් 390කට අධික පිරිසක් මේ වනවිට හඳුනාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසංගතය හේතුවෙන් මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අනුමත ඖෂධ හෝ එන්නත් නොමැතිව ඉබෝලා වින්දිතයින්ගේ අවමංගල්‍ය උත්සව ඇතුළු අවස්ථා වලට සහභාගී නොවන ලෙසද එරට බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත.
මෙම ඉබෝලා වෛරස් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පසුගිය ඉරිදා දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.
