Advertisements

එල් -නිනෝ බලපෑමට මුහුණ දෙන්න විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්

LIVE

ඉදිරියේදී ඇති විය හැකි එල් -නිනෝ තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි බලපෑම් අවම කිරීම කරමින් ජාතික මට්ටමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජා සංවිධාන අතර සම්බන්ධීකරණය කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

පරිසර අමාත්‍ය දම්මික පටබැඳි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මෙම කමිටුව සඳහා පත් කර ඇත.

තවද එම අනුකමිටුවට සහාය වීම සඳහා නිලධාරීන් කමිටුවක්ද පත් කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest