ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පුපුරණ ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා ලබාදෙන බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.
ගල් වෙඩි බෙහෙත් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 2,000ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 4,000 දක්වා ඉහළ නැංවීමටත් ආරක්ෂිත සේවා නූල් නිෂ්පාදනය සඳහා පමණක් රුපියල් 4,000ක්ව පැවති බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000 දක්වා ඉහළ නැංවීමටද රජය පියවර ගෙන ඇත.
තවද ගල් වෙඩි බෙහෙත් සහ ආරක්ෂිත සේවා නූල් යන දෙවර්ගයම නිෂ්පාදනය සඳහා වන බලපත්‍ර ගාස්තුව රුපියල් 7,000 සිට රුපියල් 10,000 දක්වා ඉහළ නංවා ඇති බවද වාර්තා වේ.
පුපුරණ ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුවද පුපුරණ ද්‍රව්‍ය සපයන්නන්ගේ ව්‍යාපාර සඳහා වන බලපත්‍ර ගාස්තුවද ඉහළ නංවා ඇති අතර පුපුරණ ද්‍රව්‍ය අත්කර ගැනීම සන්තකයේ තබා ගැනීම සහ පාවිච්චි කිරීම සඳහා වන අවසර පත්‍ර ගාස්තුවද රුපියල් 2,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන ඇත.