Advertisements

GIT විභාග ප්‍රතිඵල නිකුත් කරයි

LIVE

2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අද (20) දින නිකුත් කර ඇත.

දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 1,669කදී සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක අධීක්ෂණය යටතේ මෙම විභාගය පැවැත්වුණි.

අයදුම්කරුවන්ට තමන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන http://www.doenets.lk සහ http://www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබාගත හැකිය.

0 Comments
Most Voted
Newest Oldest