හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි පොලිස් සැරයන්වරයකුට වෙඩි තැබීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් සැරයන්වරයාට T56 ස්වයංක්‍රිය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන ආරක්ෂක රාජකාරි යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය සදහන් කරයි.
එම අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා සමග ඔහුට රාජකාරි සඳහා නිකුත් කර තිබූ එම ගිනි අවිය ද පොලිස් බාරයට ගත් බව පොලීසිය සදහන් කරයි.