පක්ෂය හැර යාම ගැන හර්ෂගෙන් ප්‍රකාශයක්

තම දේශපාලන ප්‍රතිපත්තිය සැමවිටම නිවැරදි දේට නිවැරදි යැයි පැවසීම බවත් එය ඇතැමුන්ට තේරුම් ගැනීමට අපහසු වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

තමන් රජයට එක්වන බවට මේ දිනවල පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් තමාට ඡන්දය ලබාදුන් දහස් සංඛ්‍යාත ජනතාවගේ විශ්වාසය කිසිසේත් කඩ නොකරන බවද මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව තමා කෙරෙහි දක්වන යම් ගරුත්වයක් වෙතොත් එය අගය කළද, තමන් පක්ෂය හැර යාමේ සූදානමක් නොමැති බවද මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

හොඳ දේට හොඳ යැයි කීමටත්, වැරදි දේ විවේචනය කිරීමටත් තමා කිසිවිටෙකත් පසුබට නොවන බවත් එය අලුත් දේශපාලන සංස්කෘතියේ ලක්ෂණයක් බවද මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස තමා සැමවිටම එම තනතුරේ ගෞරවය ආරක්ෂා වන පරිදි ස්වාධීනව කටයුතු කරන බවද මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest