හොරණ එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීනි සහ ආසන සංවිධායක රේනුකා දමයන්ති වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පිටකොටුවේ රෙදි පිළි ව්‍යාපාරිකයින් 6 දෙනෙකු රවටා ඔවුන්ට අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රේනුකා දමයන්ති අත්අඩංගුවට ගෙන ඇත.
රේනුකා දමයන්ති කලක පටන් එම ව්‍යාපාරිකයින් මගහරිමින් සිට ඇති අතර ඊයේ (18) ඇය සිරිකොතට පැමිණ සිටින බවට ලද තොරතුරුක් මත එම ව්‍යාපාරිකයින් එහි ගොස් ඇත.
එහිදී ව්‍යාපාරිකයින් හා රේනුකා දමයන්ති අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර අනතුරුව මිරිහාන පොලිසිය මගින් ඔවුන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
අනතුරුව පොලීසිය සිදු කරන ලද විමර්ශන වලදී අදාළ ව්‍යාපාරිකයින් විසින් ඇයට එරෙහිව ඇති පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් පසුව මිරිහාන පොලිසිය විසින් ඇය වත්තල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් රේනුකා දමයන්ති අද (19) වත්තල වැඩබලන මහේස්ත්‍රාත් මෙරිල් බොතේජු හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (21) වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

