Advertisements

ආදායම් බදු නොගෙවන අයට වැඩ වරදී

2026 අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනත මගින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත හිමිව ඇති බලය අනුව නිශ්චිත ආදායම් බදු වගකීම් හිතාමතාම ඉටු කිරීමට අපොහොසත් වන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව අපරාධමය නඩු පැවරීමට කටයුතු කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආදායම් බදු කාර්යයන් සඳහා ලියාපදිංචි නොවීම, ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම, රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බදු වාර්ෂිකව ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම යන හේතූන් සඳහා එලෙස නඩු පැවරීම සිදුකළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නඩු පැවරීම අවසන් විකල්පය ලෙස භාවිතා කරන බවත් නඩු පැවරීමකට පෙර ඒ පිළිබඳ දැනුම්දී නිවේදනයක් නිකුත් කිරීම සහ දින 30ක සහන කාලයක් ලබාදීම සිදුවන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ කාලය තුල එම අවශ්‍යතාවය සපුරාලීම සිදු නොකරන්නේ නම් එය නීතිමය වරදක් ලෙස සැලකෙන අතර ඒ අනුව මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ නඩු පැවරීමට හැකියාව පවතින බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යම් හෙයකින් අදාළ චෝදනාවට වරදකරු වූවහොත් රුපියල් ලක්ෂ 4ක් නොඉක්මවන දඩයක්, මාස 06ක් නොඉක්මවන සිරදඬුවමක් හෝ අදාල දණ්ඩණයන් දෙකම පැනවීමට හැකියාව පවතින බවද දේශීය අදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest