Advertisements
Advertisements

ඉරාන නෞකාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක්

LIVE

හමුදා නියෝග වලට අවනත නොවූ ඉරානයේ ටූස්කා (TOUSKA) භාණ්ඩ ප්‍රවාහන නෞකාව අමෙරිකානු සෙබළුන් ග්‍රහණයට ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

එම නෞකාවට නතර කරන ලෙසට අනතුරු අඟවා තිබූ නමුත් ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසුව අමෙරිකානු නාවික හමුදාව විසින් මෙම නෞකාව අල්ලා ගනු ලැබූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

නෞකාවට නතර කරන ලෙසට දැනුම් දුන්නද එය නොතකා ඔවුන් යාත්‍රා කිරීම හේතුවෙන් නෞකාවේ එන්ජින් කාමරයට ප්‍රහාරයක් එල්ල කර එය නැවැත්වු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest