Advertisements
Advertisements

අමෙරිකාවට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා.. ඉරානය අනතුරු අඟවයි

LIVE

ඉරාන වරායක් දෙසට යාත්‍රා කරමින් තිබු නෞකාවක් අමෙරිකානු නාවික හමුදා භාරයට ගැනීම සම්බන්ධව ඉරානය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම සිදුවීම සටන් විරාමය උල්ලංඝනය කිරීමක් බවත් සහ මෙය සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවක් වන බව ඉරානය සඳහන් කරයි.

ඒ අනුව අමෙරිකානු නාවික හමුදාවේ මෙම සන්නද්ධ මුහුදු කොල්ලකෑමේ ක්‍රියාවට ඉරාන ඉස්ලාමීය ජනරජයේ සන්නද්ධ හමුදා ඉක්මනින් ප්‍රතිචාර දක්වනු ඇති බවට ඉරානය අමෙරිකාවට අනතුරු අඟවා ඇත.

අමෙරිකාව සටන් විරාමය උල්ලංඝනය කරමින් ඕමාන් මුහුදේදී ඉරානයේ වාණිජ නෞකාවකට වෙඩි තබා එහි නාවික පද්ධතිය අක්‍රීය කර ඇති බව ඉරානයේ ඉහළම හමුදා මූලස්ථානය වන කටම් අල් – අන්බියා හී ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest