හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට (12) දින උදෑසන 9.00ට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෙට (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ලිපියක් මගින් දැනුම් දී තිබුණේය.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
එම ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, තමන්ට ලද අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලින් රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදුන් බවයි.
මේ අතර හෙට (12) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණෙන විට, එම ස්ථානයට සියයක පමණ පිරිසක් රැගෙන පැමිණීමට නියමිත බව වාර්තා වේ.
එම පිරිස සමග හිටපු මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පැමිණීමට නියමිත බව වාර්තා වේ.
එලෙස පැමිණෙන සියයක පමණ පිරිස මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදී එළියට පැමිණෙන තෙක් එම ස්ථානයේ රැදී සිටීමට නියමිත බව වාර්තා වේ.

