හරි හෝ වැරදි මහානායක හිමිවරු කියන එක පිළිගන්න ඕනේ

බෞද්ධයන් ලෙස මහා නායක හිමිවරුන්ගේ මඟපෙන්වීම් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු බවත් මහා සංඝරත්නය ගනු ලබන තීරණ වලට සියලු දෙනා අවනත විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

පවතින මතභේදකාරී තත්ත්වය කුමක් වුවත්, මෙවර වෙසක් උත්සවය වෙනදා පවත්වන අයුරින්ම උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු කරන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

මේ මස යෙදී ඇති පොහොය දින සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ,

“මහා නායක හාමුදුරුලා කියන එක අපි පිළිගන්න ඕනේ. හරි හෝ වැරදි අපිට ඒක ප්‍රශ්න කරන්න බැහැ. මහා නායක හාමුදුරුවරු එක තීරණයක් අරන් තියෙනවා නම් අපි ඒකට අවනත වෙන්න ඕනේ. අපි සාමාන්නයෙන් වෙනදා කරන විදිහටම මේ පාරත් වෙසක් කරනවා.”

Advertisements
Advertisements
6 Comments
Most Voted
Newest Oldest