Advertisements

මහින්දගේ ජීවිතය අනතුරක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවූ අවස්ථාවේදී ශරීර පරීක්ෂාවට පවා ලක් නොවූ විශාල පිරිසක් ඒ අවට රැඳී සිටි බවත් එම පිරිස අතරින් ත්‍රස්තවාදියෙකුට පැමිණ මහින්ද රාජපක්ෂට කිසියම් හෝ අනතුරක් කිරීමට හැකියාව තිබූ බව නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

එනිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව දැඩි අනතුරක පවතින බවත් ඔහුට කිසියම් හෝ අනතුරක් සිදුවුවහොත් එහි වගකීම රජය බාරගත යුතු බවද නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

LTTE සංවිධානය ඊනියා යුධ විරුවන් සමරන මාසය එළඹ තිබියදී එවැනි අවස්ථාවක මහින්ද රාජපක්ෂගේ ජීවිතයට අනතුරක් කිරීමට යම් යම් පිරිස් උත්සාහ දැරිය හැකි  හෙයින් ඒ ගැන රජය අවධානයෙන් පසුවිය යුතු බවද නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

Advertisements
Advertisements
15 Comments
Most Voted
Newest Oldest