ලෝක සිතියම සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව අප්‍රිකා මහද්වීපයේ සැබෑ භූමි ප්‍රමාණය වඩාත් නිවැරදිව නිරූපණය වන පරිදි සකස් කළ නව ලෝක සිතියමක් භාවිතයට ගැනීම සඳහා වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී සම්මත වී ඇත.
ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අප්‍රිකානු සංගමයේ පූර්ණ සහාය හිමිවූ අතර ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 164ක් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර එම මෙම යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ එකම රට අමෙරිකාව වේ.
රටවල් 6ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර 16 වන සියවසේ සිට බහුලව භාවිත වන සිතියම් ආකෘතිය මගින් අප්‍රිකාව, ග්‍රීන්ලන්තයට ආසන්න ප්‍රමාණයකින් පෙන්වන බවට දීර්ඝ කාලයක් තිස්සේ විවේචන එල්ල වී ඇත.
අප්‍රිකා මහද්වීපය, ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් පමණ විශාල වුවද, 1569 දි නිර්මාණය කළ සිතියම් ආකෘතියේදී එහි සැබෑ විශාලත්වය නිවැරදිව නිරූපණය නොවන බව විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා.
ගෝලාකාර පෘථිවි පෘෂ්ඨයක් ද්විමාන (2D) සිතියමක ඇඳීමේදී මෙම විකෘතිය සිදුවන බව සිදුවන බව විචාරකයෝ සඳහන් කරයි.
පසුව Equal Earth ලෙස හඳුන්වන සිතියම් ආකෘතියක් 2018 වසරේදී සිතියම් විද්‍යාඥයන් පිරිසක් විසින් නිර්මාණය කළ අතර එම සිතියම් ආකෘතිය මෙම වසරේ පෙබරවාරි මාසයේදී අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල් 54ම පිළිගත්තේය.
එහෙත් සාධාරණ ලෝකයක් ගොඩනැගීමට නිවැරදි සිතියමක් අත්‍යවශ්‍ය බවත් සිතියම යනු හුදෙක් භූගෝලීය සටහනක් පමණක් නොව දේශපාලනික හා ආර්ථික ප්‍රතිරූපය තීරණය කරන මෙවලමක් බව අප්‍රිකානු නායකයෝ සහ භූගෝල විද්‍යාඥයෝ සඳහන් කරයි.
