Advertisements

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ  ප්‍රතිඵල ජුනි මස මැද වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

කෙසේ වෙතත් ජුනි මස මැද වන විට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළාය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest