Advertisements

කවුරුහරි සියදිවි හානි කරගත්තොත් පිටිපස්සේ රාජපක්ෂලා

කිසියම් පුද්ගලයෙක් සියදිවි හානිකර ගත්තොත් එය රාජපක්ෂලා පිට පැටවීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ජන හමුවක් අමතමින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

අද ආණ්ඩුවක් විදිහට මේ රටේ මනුස්සයෝ ආරක්ෂා කරන්න ආණ්ඩුව ගත්තු ක්‍රියාමාර්ග මොනවාද. හිරේ දාන්න ක්‍රියාමාර්ග ගන්නවා. අපි දැක්කා පහුගිය දවස්වල බොරු සාක්ෂි හැදුවා. බලපෑම් කරා. සියදිවි හානි කරගැනීම් නිරන්තරයෙන් සිද්ද වෙනවා.

මේ දිනවලත් සියදිවි හානි කරගැනීම් වාර්තා වෙනවා. හැබැයි ආණ්ඩුව මේ හැම එකම ඇග බේරගන්නේ කොහොමද රාජපක්ෂලාට දාලා. මොකක්හරි දෙයක් කලොත් ඒක රාජපක්ෂලා. දැන් යුද්දෙ අවසන් කරපු එක, නෑ ඒක මහින්ද රාජපක්ෂ නෙමෙයි.

හයිවේ හැදුවේ, මොන මහින්ද රාජපක්ෂ හදපු හයිවේ එකක් නෑ. පෝට් සිටිය, නෑ ඒක රාජපක්ෂලා නෙමෙයි. ගමේ පාරවල්, ඒවත් රාජපක්ෂ ආණ්ඩුවලින් නෙමෙයි. හැබැයි කවුරුහරි සියදිවි හානි කරගත්තොත්, රාජපක්ෂලා වෙන්න ඕනේ. පිටිපස්සෙන්.”

Advertisements
5 Comments
Most Voted
Newest Oldest