හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන (23) වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලය වෙත යාමට නියමිත බව වාර්තා වේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමට එරෙහිව කැඳවා තිබෙන සාකච්ඡාවට සහභාගී වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කාර්යාලය වෙත යාමට නියමිතය.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් අනතුරුව කොළඹ 07 මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයට රනිල් වික්‍රමසිංහ මෙලෙස පැමිණෙන්නේ ප්‍රථම වතාවට වේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් විපක්ෂයේ සියලු පක්ෂවල සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වේ.

