Advertisements
Advertisements

අපි ප්‍රචණ්ඩත්වයෙන් හෝ මිනිස්සු බය කරලා බලය ගන්නේ නෑ

LIVE

තමන්ගේ පක්ෂය වූ පොදුජන පෙරමුණ යනු කිසි දිනෙක ප‍්‍රචණ්ඩත්වයෙන් හෝ මිනිස්සු බය කර බලය ගත්ත පක්ෂයක් නොවන බව එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

පොදුජන පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාදාමය ඇතුළේ අදියර තුනකින් සැලසුම් ක්‍රියාත්මක වන බවද නීතිඥ සාගර කාරියවසම් සඳහන් කරයි.

නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ,

“අපි කවදාවත් ප්‍රචණ්ඩත්වයෙන් හෝ මිනිස්සු බය කර බලය ගත්ත පක්ෂයක් නෙමෙයි. අපේ සැලසුම තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාදාමය ඇතුළේ. ඒක අදියර තුනකින් ක්‍රියාත්මක වෙනවා.

පළවෙනි එක විවිධ බොරු ප්‍රචාර නිසා අපෙන් ඈත් වුණු, අපට ඡන්දය දීපු ඒ විශාල ජනතාව නැවත එකතු කර ගැනීම. දෙවැනි පියවර අපි මේ වත්මන් රජය කරන වැරදි ක්‍රියාමාර්ග ගැන ජනතාව දැනුවත් කිරීම.

තුන්වැනි පියවර රටේ විද්වතුන් සහ වෘත්තිකයන් එක්ක එකතු වෙලා හදපු, රට ගොඩනඟන අනාගත වැඩපිළිවෙළ ජනතාවට ඉදිරිපත් කරලා, ඔවුන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීම.”

10 Comments
Most Voted
Newest Oldest