ඩයනා ගමගේ වහාම අත්අඩංගුවට ගන්න.. ස.ජ.බ කණ්ඩායම ඉල්ලයි.!

මාතර දිස්ත්‍රික් වැලිගම ආසන සංවිධායක රෙහාන් ජයවික්‍රම විසින් අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කියාසිටියේ, මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම කියා සිටියේ, ඩයනා ගමගේ කටයුතු කර තිබෙන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු හැටියට නොවන බවත් ඇය වෙන රටක පුරවැසියෙක් හැටියට මෙරට පාර්ලිමේන්තුව තුල කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝණය කර ඇති බවයි, එමෙන්ම ඇය විසින් මෙරට රාජ්‍ය වාහන රජයේ දීමනා, වැනි වරප්‍රසාද අවභාවිතා කර ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේය.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS