පසුගියදා පානදුර නගරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක රැළියට එක්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග කළුතර දිස්ත්‍රික් පානදුර ආසනයේ හිටපු තරුණ හා මාධ්‍ය කටයුතු ලේකම් නිර්මාල් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට, සමගි ජන බලවේග මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට, දිස්ත්‍රික් නායක අජිත් පී.පෙරෙරාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යම් අගතියක් තමා අතින් සිදුවුනා නම් එයට සමාව ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කරයි.
“පසුගියදා පොහොට්ටුවේ පැවති පානදුරේ රැස්වීමේදී ඒ ගොඩවුණු තරුණයා මම. ඒකට හේතුව මම ගොඩවෙන්න ප්‍රධානම හේතුව වුණේ පක්ෂයේ නායකත්වයේ වත්, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේවත් පක්ෂයේ මහා ලේකම් රංජින් මද්දුමබණ්ඩාර මැතිතුමාගෙවත්, කළුතර දිස්ත්‍රික් නායක අජිත් පී.පෙරේරා මහතාගෙවත් ප්‍රශ්නයක් මත නෙවෙයි.
එකට හේතුව වුණේ සමහර අපේ සංවිධායකවරු පත් කිරීමේදී සිදුවුණු හේතු කාරණා මත මම මේ තීරණය ගන්න හේතු වුණේ. මේ පැරිෂුට්කාරයෝ මේ ආසන වලට ඇවිල්ලා ඒ කරන සජිත් ප්‍රේමදාස මැතිතුමාට කරපු කෙනෙහිළිකම් කරපු සමහර ආසන සංවිධායකවරු නිසා කලකිරීමට පත්වෙච්ච නිසා තමයි මම මෙම හදිසි ඉක්මන් තීරණය ගත්තේ.
ඉතින් ඒ හේතූන් මත සමගි ජන බලවේගයේ පක්ෂ නායකතුමාට, මහලේකම්තුමාට ඒ වගේම දිස්ත්‍රික් නායකතුමාට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට යම් අගතියක් මාව අතින් සිදුවුනා නම් එයට මම සම්පූර්ණ මගේ හෘදයාංගම සමාව අයදිනවා.”
