තවදුරටත් රටේ ආර්ථික තත්ත්වය උග්‍ර වීමට පෙර කඩිනම් ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත.
රුපියල වේගවත්ව අවප්‍රමාණය වීම, ජීවන වියදම ඉහළ යාම සහ ආර්ථික අවිනිශ්චිතතාව වැඩිවීම යන කරුනු පක්ෂ දේශපාලනයකින් තොරව අවදානයට ලක්කළ යුතු ගැටලු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කරයි.
