එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය මේ වනවිට එකතු වී ඇති බවත් ලබන වසරේ මැයි රැලිය තියන්නේ අපේ මහ ඇමතිවරුත් සමග බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.
කොළඹ මැයි දින රැළිය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,
“පැහැදිලිව මම කියන්න කැමති රට ගොඩනගන එකම බලවේගය සමගි ජන බලවේගයයි, සමගි ජන සන්ධානයයි. අපි මේ රටේ ප්‍රගතිශීලී සියලුම දෙනාත් සමග අත්වැල් බැඳගෙන ජනතා විමුක්ති පෙරමුණු පාලනය තුළ කඩා වැටුණු අපේ මේ දේශය ගොඩගන්නවා ගොඩගන්නවාමයි.
අපි ඉතාමත්ම සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අපේ මේ මැයි රැලියට සුබ පැතුම් පණිවිඩයක් එකතු කළා. ඒකට අපි ස්තූතිවත්ත වෙනවා. එතුමා යෝජනා කරලා තියෙනවා. එකට වැඩ කරන්න කමිටුවක් අවශ්‍යයි කියලා.
මම මේ අවස්ථාවේ කියන්න කැමතියි දැන් කමිටු අවශ්‍ය නෑ. දැන් දෙගොල්ලෝ එකතු වෙලා හමාරයි. අපි එකට වැඩ කරන්නේ මොකද සමහර විට ඔය කමිටුවල මේ එකතුවීම වළක්වන්නට ඇතුල් වන බොහොම සුළු කොට්ඨාසයක් ඉන්නවා.
ඒ අයගේ බලාපොරොත්තුව අපේ මේ එකතුව කඩාකප්පල් කරන්නයි. අපි ඒ කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකාරීන්ට ඉඩ තබන්නේ නෑ. අපි අනිවාර්යයෙන්ම එකට එකතු වෙලා තමයි ඉදිරියට යන්නේ.
මම කියන්න කැමතියි අනුර කුමාර දිසානායක මැතිතුමාට අභියෝගයක් ඉදිරිපත් කරන්න කැමතියි පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න. කල් අරගෙන නෙමෙයි දැන්ම තියන්න. මේක ප්‍රකාශයක් නෙමෙයි මේක අභියෝගයක්.
මේ අතිසාර්ථක මැයි දින රැලිය ඔබ සියලු දෙනාගේම ශක්තිය තුළ සාර්ථක මැයි රැලියක් බවට පත්වුණා. පළාත් සභා මැයි රැලිය තියන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමෝ. ලබන වසරේ මැයි රැලිය තියන්නේ අපේ මහ ඇමතිවරුත් සමගයි කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි.”


