ඉන්ධන මිල සංශෝධනයත් සමග ඩීසල් මිල ඉහළ යාම හමුවේ පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා පාසල් ප්‍රවාහන වෘත්තිකයන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ගාස්තු සංශෝධනය ප්‍රතිශතයක් ලෙස වැඩි නොකොට දෙමාපියන් සමඟ සාකච්ඡා කර යම් ප්‍රමාණයකට ඉහළ දැමීමට අපේක්ෂා කරන බව එම සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කරයි.
මීට පෙර අවස්ථා කිහිපයකදීම ඩීසල් මිල ඉහළ දැමීම සිදු වුවද දෙමාපියන් ගැන සිතා ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ බවද එම සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කරයි.
කෙසේ වෙතත් අපසුතාවයන් සැලකිල්ලට ගනිමින් මෙවර යම් ප්‍රමාණයකට ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බවද එම සංගමයේ ලේකම් මල්ශ්‍රී ද සිල්වා සඳහන් කරයි.


