අවුරුදු සමයෙන් පසු නව පාසල් වාරය ආරම්භ වීමත් සමඟ පාසල් ළමයින් අතර පාචනය වැනි රෝග තත්ත්වයක් පැතිර යෑමේ අවදානමක් ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා සදහන් කරයි.
උත්සව සමයේ දරුවන් විවිධ ස්ථාන වලින් විවිධ වර්ගයේ ආහාර අනුභව කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත් සෑම වර්ෂයකම මෙම රෝග තත්ත්වය ව්‍යාප්ත වන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා සදහන් කරයි.
විවිධ ආහාර වර්ග ආහාරයට ගැනීමෙන් දරුවන්ට උණ සමඟ වමනය, බඩ රිදිල්ල, ආහාර අජීර්ණය වැනි තත්ත්වයක් ඇති වුවහොත් පාචන තත්ත්වයක් විය හැකි බවත් දෙමාපියන් මේ සම්බන්ධයෙන් වැඩි අවදානයක් ලබා දිය යුතු බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා සදහන් කරයි.
එනිසා දරුවන්ට ස්වභාවික දියර ආහාර, පළතුරු යුෂ, තැඹිලි වතුර, බැදිහාල් කැඳ හා ජීවනී ලබාදිය හැකි බවත් වමනය සඳහා ප්‍රතිකාර ලබා නොගතහොත් එම දරුවන් විජලනයට පත් විය හැකි බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා සදහන් කරයි.
වමනය හා උණ තත්ත්වය උත්සන්න වන අවස්ථාවක වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් එවැනි තත්ත්වයකදී හැකි ඉක්මනින් ළඟම පිහිටි රෝහල වෙත දරුවන් යොමු කළ යුතු බවද නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපාල් පෙරේරා තවදුරටත් සදහන් කරයි.