Advertisements

වැට් බදු සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් කරයි

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත එකතු කළ අගය මත බදු සංශෝධන ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව ඉලෙක්ට්‍රොනික වේදිකා මත සපයන සේවා සඳහා වැට් අයකිරීම් ජූලි මස පළමුවෙනිදා සිට සිදු කෙරෙනු ඇත. 

ප්‍රධාන ප්‍රඥප්තියේ 10 වන වගන්තියේ ඇතුළත් බදු සඳහා තැනැත්තන් ලියාපදිංචි කිරීම සඳහා යන සීමා අඩු කිරීමට පියවර ගෙන තිබෙන අතර එය ජූලි මස පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වේ. 

බදු අය කළ හැකි කාලසීමාවක් අවසානයේදී එම තැනැත්තාගේ බදු අය කළ හැකි කාලසීමව තුළදී ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ හෝ සේවා හෝ භාණ්ඩ සම සේවාවල බදු අය කළ හැකි සැපයුම්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන නවයක් ඉක්මවා තිබිය යුතුය. 

එමෙන්ම මූල්‍ය සේව මත වන වැට් බදු 18% සිට 20.5% දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇත.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest