වාහනයක කළු දුම පිටවන්නේ නම්, එය හුදෙක් කාර්මික දෝෂයක් නොව පරිසරයට සහ අනාගත පරපුරට කරන අපරාධයක් බැවින් වහාම වාහන නිසි නඩත්තුවකට යොමු කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එහෙත් අධික ලෙස දුම පිටවන වාහන හඳුනාගෙන, නඩත්තු නියෝග වලට අනුව අදාළ නඩත්තු කටයුතු නොකරන සහ පරීක්ෂාව මඟහරින වාහන අසාධු ලේඛනගත කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව අසාධු ලේඛනගත කරන වාහන වල ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී සහ අනෙකුත් ලේඛන කටයුතු වලදී දැඩි බාධා වලට මුහුණ දීමට හිමිකරුවන්ට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
