Advertisements

ජනපති ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය අද

වෙසක් උත්සවයට සමගාමීව අද (27) දිනයේ සිට ජුනි (02) දක්වා වෙසක් සතියක් ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේදී අද (27) දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ මඟ පෙන්වීම අනුව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහය ඇතිව වෙසක් උත්සවය දිවයින පුරා පැවැත්වීමට පියවර ගෙන ඇත.

වෙසක් සමයේ පිළිවෙතින් පෙල ගැසී ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දී කටයුතු කරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest