Advertisements
Advertisements

ඉරානයට මිසයිල ප්‍රහාර මාලාවක්.!

LIVE

අමෙරිකාව සහ ඉරානය අතර උණුසුම් වාතාවරණයක් ගොඩනැගෙමින් පවතින පසුබිමක ඊශ්‍රායලය ඉරානයේ ටෙහෙරාන් අගනුවර වෙත මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇත.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව මෙම ප්‍රහාර එල්ල කර ඇති අතර ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු ඉරාකය සිය ගුවන් අවකාශය වසා දමා ඇත.

ඒ අනුව ඉරාක සිවිල් ගුවන්සේවා අධිකාරිය විසින් එරට ගුවන් සීමාව හරහා සියලුම ගුවන් ගමනාගමනය නිල වශයෙන් අත්හිටුවා ඇත.

ඉරානයේ අගනුවර දැවැන්ත පිපිරීම් 3ක් සිදු වූ වහාම එර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන්ගමන් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරන බවද එම අධිකාරිය සඳහන් කරයි.

1 Comment
Most Voted
Newest Oldest