Advertisements

දුම්රිය අනතුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි.. පුද්ගලයෙක්ට අත්අඩංගුවට

අද (16) දින වනවාසල දුම්රිය ස්ථාන අසල දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැන පෙරළීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධව මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය මාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ බාර් ගැලවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශන අනුව දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පෑලියගොඩ පොලීසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවෙකු බව පොලීසිය සඳහන් කරයි.

එම සැකකරු දුම්රිය මාර්ගයේ ගලවන ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය සඳහන් කරයි.

Advertisements
Advertisements
6 Comments
Most Voted
Newest Oldest