Advertisements

රජයේ නව බද්ද සමග වාහන මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනය අනුව අද (16) දින සිට මාස තුනක කාලසීමාවක් සඳහා 50%ක අධිභාරය අය කිරීමට නියමිතය.

වාහන ආනයනයේදී පවතින රේගු තීරු බද්ද 30%ක් වන අතර එම බද්ද මත පමණක් 50%ක අධිභාරයක් පැනවෙන බැවින් සමස්ත වාහනයේ වටිනාකම මත වැඩිවන්නේ 15%ක් පමණක් බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

එනිසා වාහන මිල එකවරම 50%කින් ඉහළ යනවා යැයි පැතිර යන පුවත් සම්පූර්ණ මිත්‍යාවක් බවද මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

වාහන ආනයනය මත පැනවූ 50%ක නව බදු අධිභාරයත් සමඟ ඉදිරියේදී මෙරටට ආනයනය කරනු ලබන වාහන මාදිලි රැසක මිල ගණන් ඉහළ යන අතර බොහෝ වාහන මාදිලිවල මිල ගණන් රුපියල් ලක්ෂ 03 සිට රුපියල් ලක්ෂ 11 දක්වා වෙනස්වීමට නියමිතය.

ඒ අනුව වාහන මිල ගණන් වෙනස්වීම ආසන්න වශයෙන් පහත පරිදි..

Alto/Carol – රුපියල් 350,000

Mira ES/Pixis Epoch/Pleo Plus – රුපියල් 375,000

WagonR/Flair – රුපියල් 400,000

Alto/Carol Hybrid – රුපියල් 450,000

Passo/Boon – රුපියල් 450,000

Dayz/EK Wagon – රුපියල් 475,000

Every/Clipper/Scrum/Minicab – රුපියල් 475,000

WagonR/Flair Hybrid – රුපියල් 500,000

Yaris – රුපියල් 500,000

Taft – රුපියල් 550,000

Roox – රුපියල් 550,000

Dayz Highway Star – රුපියල් 550,000

Roomy/Thor – රුපියල් 550,000

Spacia Hybrid – රුපියල් 600,000

EK X – රුපියල් 600,000

Roox Highway Star – රුපියල් 650,000

Roomy/Thor Custom – රුපියල් 650,000

Raize/Rocky/Rex 1,000CC – රුපියල් 750,000

Raize/Rocky/Rex Hybrid – රුපියල් 750,000

Axio Hybrid – රුපියල් 750,000

Vezel X – රුපියල් 900,000

Vezel Z – රුපියල් 1,000,000

Vezel Z Play – රුපියල් 1,100,000

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest