ඉරානය වෙත අමෙරිකාව එල්ල කරන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත්, පවතින ගැටුම් නව මානයකට යොමු වන බවට ඉරාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා අනතුරු ඇඟවීමක් කර ඇත.
ඉරාන සන්නද්ධ හමුදාව සතු සැබෑ ශක්තිය සහ හැකියාවන්ගෙන් විශාල කොටසක් මෙතෙක් ලෝකයට ප්‍රදර්ශනය කර නොමැති බවද ඉරාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා සඳහන් කරයි.
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් හමුදාවේ ප්‍රකාශක මොහොමඩ් අක්‍රමිනියා සඳහන් කළේ,
“අමෙරිකාවේ ආක්‍රමණශීලී ක්‍රියාකාරකම් තවදුරටත් සිදුවුවහොත්, මෙම යුද්ධය නව සටන් පෙරමුණු කරා පුළුල් කිරීමට ඉරානය පියවර ගන්නා“
“ඉරානයට එරෙහිව එල්ල වන ඕනෑම සතුරු ක්‍රියාවක් හමුවේ අප ලබා දෙන ප්‍රතිචාරය පවතින තත්ත්වයට සාපේක්ෂව ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇත. එය සතුරාගේ අපේක්ෂාවන් ඉක්මවා යනවා පමණක් නොව, ගැටුම් සඳහා නව කලාපයන් විවෘත කිරීමට ද හේතු වනු ඇතැයි.”
