Advertisements

යුද ගැටුම් හමුවේ බලශක්ති සැපයුමට දැඩි බලපෑම්

ඉරානය සතු හැකියාවන් තවදුරටත් දුර්වල කිරීම අරමුණු කරගනිමින්, ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇති බව අමෙරිකාව සඳහන් කරයි.

ජෝර්දානයේදී සහ ඉරාකයේදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු මියයාමට ප්‍රතිචාර ලෙස ඉරානයට දැඩි ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාර දැඩි කර ඇත.

අඛණ්ඩව 10වැනි දිනටත් මෙම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව මෙන්ම ගෝලීය බලශක්ති සැපයුම සහ ජාත්‍යන්තර වෙළෙඳාම කෙරෙහිද දැඩි බලපෑම් එල්ල විය හැකි බව විශ්ලේෂකයන් සඳහන් කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය හෝ කළු මුහුදේ වරායන් වැනි තීරණාත්මක නැව් මාර්ග අසල සටන් කිරීම ගෝලීය තෙල් සහ ගෑස් මිල තවදුරටත් වේගයෙන් ඉහළ යන බවත් එය අනතුරුදායක තත්ත්වයක් බවද විශ්ලේෂකයන් සඳහන් කරයි.

මැදපෙරදිග යුද ගැටුම් භෞතික යටිතල පහසුකම් වලට හානි කිරීම, ප්‍රධාන ප්‍රවාහන වෙළඳ මාර්ග අවහිර කිරීම සහ අධික ලෙස ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බලශක්ති සැපයුම් වලට දැඩි බාධා එල්ල වී ඇත.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest