LIVE
හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල්හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක සම්බන්ධයෙන් නඩුව අද (21) කැඳවූ අවස්ථාවේ ඔහු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර ඇත.
