පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
මෙම ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළදී සිදුකර ඇති බැවින්, ඒ සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂාව හිමිවන අතර ඒ අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ පූර්ණ කැමැත්ත සහ සහයෝගය මත ස්වේච්ඡාවෙන් පමණි.
මේ අතර අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පසුගිය (15) වනදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ සඳහන් කළේ,
“ස්වාමීනි., මේ සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත්, මගේ වුවමනාවටත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඔහු ගැන මුලින්ම කරුණු දැක්වූයේ 2019 වසරේදී විපක්ෂ නාකයවරයා පාර්ලිමේන්තුවේදී.
ව්‍යවස්ථාදායකය තුළ තමා ඔහු ගැන මුලින්ම කතා කළේ. විපක්ෂ නායක ඇතුළු මන්ත‍්‍රීවරුන් වගකීමක් ඇතුව ඒ ප්‍රකාශ කරලා ඇති කියලා මම හිතනවා. එම නිසා විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරුන්ගෙන් ඔවුන් සිදුකර තිබෙන ප්‍රකාශයන්ට අදාලව ප්‍රකාශ සටහන් කර ගන්න කටයුතු කරනවා.”
