රුමේෂ්ගෙන් තවත් වාර්තාවක්.. පළමු ආසියානු රන් පදක්කම ලංකාවට

LIVE

2026 ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග සමත් විය.

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංග දිනාගත් අතර එහිදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 88.55කි.

ඒ අනුව ආසියානු ක්‍රීඩා උළෙලක හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කමක් දිනු පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස රුමේෂ් තරංග වාර්තා අතරට එක්විය.

0 Comments
Most Voted
Newest Oldest