කොටුව මහේස්ත්‍රාත්ට මරණ තර්ජන.. ආරක්ෂාව තර කරයි

LIVE

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

කොටුව මහේස්ත්‍රාත්වරයාට මරණ තර්ජනය කරමින් ලැබී ඇති ලිපියක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

පසුගිය අගෝස්තු (11) වැනිදා අදාළ ලිපිය ලැබී ඇති අතර අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිස්පතිගේ නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

තවද එම ලිපිය සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest