විමල් වීරවංශට නොතීසි.!

විමල් වීරවංශට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට හෙට (13) දින වහාම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අද (12) නියෝග කළේය.

විමල් වීරවංශ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කළ පසුගිය 2010 – 2014 දෙසැම්බර් දක්වා කාලය තුළ ඔහුගේ වත්කම්, ආදායම්වලින් උපයාගැනීමට නොහැකි මිලියන 75කට ආසන්න මුදල් හා දේපළ සන්නකයේ තබාගැනීමේ වරදට අල්ලස් හා දුෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා ඇත.

එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය හමුවේ සදහන් කළේ, සිය සේවාදායකයා රෝගි තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත වී ඇති බව අද දින උදෑසන තමාට දැනුම්දුන් බවයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close