LIVE
අද (30) දින ප්‍රදේශ කිහිපයකට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.
අද රත්නපුර, කොලොන්න ජල පවිත්‍රාගාරයේ සිදුකරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ඒ අනුව, අද පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
එම කාලය තුළ මඩුවන්වෙල, කරගහයාය, මහයාය, කෑල්ල, අලුබෝද, වැල්කැටිය සහ ජදුර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර වඩා ගුණාත්මක ජල සේවාවක් ලබාදීම සඳහා මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදුකරන බව එම මණ්ඩලය සඳහන් කරයි.
එනිසා ජල සැපයුම අත්හිටුවීමට පෙර අවශ්‍ය ජලය රැස්කර ගන්නා ලෙසත්, රැස්කර ගන්නා ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන ලෙසද එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.

