LIVE
ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත.
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන, ජයමාවත ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 994ක ප්‍රමාණය පාර්සල් 10ක් ලෙස සකස් කර, සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ තිබූ බිස්කට් සහ චොකලට් ඇසුරුම් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ බව පොලීසිය සඳහන් කරයි.
එම සැකකරු ඕමානයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇති අතර එතැන් සිට කටාර් ගුවන් සේවයේ ගුවන් යානයෙන් ඊයේ (29) රාත්‍රී 7.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත.

