අධිකරණයට අපහාස කළ දිලිත්ගේ පෙත්සම ඉවතට

LIVE

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ල අත්හිටුවන නියෝගයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට අභියාචනාධිකරණය නියෝග කරයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති පැමිණිල්ලට එරෙහිව මෙම රිට් පෙත්සම ගොනු කර තිබූ අතර එම පෙත්සම විභාගයට ගැනීමකින් තොරවම ඉවත දැමීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

ඒ අනුව, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා කළ පැමිණිල්ල අත්හිටුවන ලෙස දිලිත් ජයවීර කළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest