රක්ෂිත බන්ධනාගාර ගතව දැනට කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ වෛද්ය මණ්ඩල වාර්තාව අද (15) දින සවස 4.00 වනවිට රෝහල් අධ්යක්ෂවරයා වෙත භාරදීමට නියමිතය.
එම මණ්ඩලයට වෛද්යවරුන් 14 දෙනෙක් ඇතුළත් බවත් ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කරයි.
ශිරන්ති රාජපක්ෂගේ හෘදය සම්බන්ධ රෝග සහ ඊට අදාළ ප්රතිකාර කටයුතු සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෛද්ය මණ්ඩලය මගින් සිදු කරනු ඇති.
ශිරන්ති රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සාවද්ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව හෙට (16) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.
