අමෙරිකා එක්සත් ජනපදයට සංචාරය කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ගමන් බාධා හෝ හදිසි වෛද්ය අවශ්යතා වැනි අනපේක්ෂිත තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා, සංචාරක වියදම් සම්පූර්ණයෙන්ම දැරීමට තරම් ප්රමාණවත් මූල්ය ශක්තියක් ඇති බවට වග බලා ගන්නා ලෙසට අවධාරණය කර ඇත.
තවද, වීසා සම්මුඛ පරීක්ෂණය සඳහා මනා සූදානමකින් යුතුව සහභාගී වන ලෙසත් එක්සත් ජනපදයට ඇතුළු වීමෙන් පසු එරට රජයේ මහජන ආධාර මත යැපීමට කිසිදු ඉඩකඩක් නොමැති බවට සැබෑ සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් වන ලෙසත් දන්වා ඇත.
වීසා ලබා ගැනීමේ අරමුණින් කිසිදු අවස්ථාවක ව්යාජ ලේඛන ඉදිරිපත් නොකරන ලෙසත් ව්යාජ ලේඛන ඉදිරිපත් කිරීම බරපතල වංචාවක් බව දැඩිව අවවාද කර ඇත.
එමඟින් වර්තමාන වීසා බලපත්රය අහිමි වීමට අමතරව අනාගතයේදී කවරදාකවත් අමෙරිකානු වීසා ලබා ගැනීමට ස්ථිරවම නුසුදුස්සෙකු වීමට එය හේතු විය හැකි බවද සඳහන් කරයි.
