“සිවුරට අත නොතබනු” ඥනසාර හිමි වෙනුවෙන් සජිත් පෙරමුණ ගනී

“නුවර සිට කොළඹට පාගමනින් පැමිණි භික්ෂුන් වහන්සේලා මේ වන විට ජනාධිපති කාර්යාලය අසල සාමකාමී විරෝධතාවයක නියැලී සිටී.

උන්වහන්සේලා රැගෙන ආ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකට ආවරණය සැපයීමට සකස් කළ තාවකාලික අට්ටාලය කඩා එම ස්ථානයේ සිටි භික්ෂුන් වහන්සේටද පීඩාකාරි වන සේ කටයුතු කර පිරිසක් අත්අඩංගුවට ගත් බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

ජනාධිපතිවරයා කඩිනමින්, පුද්ගලිකව මැදිහත් වී ගරුතර මහා සංඝරත්නයේ ඉල්ලීම් වලට විසදුම් ලබා නොදී, මෙසේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීම තරයේ හෙළා දකිමු.

ජනාධිපතිවරයා කළයුත්තේ මෙසේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීම නොව, චීවරයට නිසි ගරුත්වය ලබා දෙමින් උන්වහන්සේලා සමඟ සෘජුව සාකච්ඡා කර විසදුම් ලබා දීමය.

එම නිසා භික්ෂුන් වහන්සේලාට හිංසා පීඩා සිදුකරමින් කරන මේ ක්‍රියාව වහාම නතර කරන ලෙස ජනාධිපතිවරයාට සහ රජයට බල කර සිටිමු.”

0 Comments
Most Voted
Newest Oldest