තහනම් පිරමීඩ ආයතන සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව Max App Media Ltd සහ ඊට අනුබද්ධිත Max LK Pvt Ltd හා Max Media Lanka Pvt Ltd නැමති ආයතන විසින් පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්රමයක නියැලීම, පවත්වා ගෙන යෑම සහ ප්රවර්ධනය කිරීම සිදු කර ඇති බවට ශ්රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන නිර්ණය කර ඇත
බැංකු පනත ප්රකාරව ශ්රී ලංකා මහ බැංකුව විසින් විමර්ශනයක් පැවැත්වීමෙන් පසු එම ආයතනය හා අනුබද්ධිත ආයතන සම්බන්ධයෙන් එසේ නිර්ණය කර ඇත.
මෙම නව ආයතනයත් සමඟ මේ වනවිට තහනම් පීරමීඩ ක්රමයක නියැලීම, පවත්වා ගැනීම හා ප්රවර්ධනය කිරීම සම්බන්ධයෙන් නිර්ණය කර ඇති ආයතන සංඛ්යාව 27ක් වේ.
තහනම් පිරමීඩ යෝජනා ක්රම පවත්වාගෙන යන බවට හඳුනාගත් සමාගම්, වෙබ් අඩවි සහ යෙදවුම්වල සම්පූර්ණ ලැයිස්තුවක් ශ්රී ලංකා මහ බැංකුවේ ආයතනික වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
ඍජුවම හෝ වක්ර ආකාරයෙන් පිරමීඩ ආකාරයේ තහනම් යෝජනා ක්රම ආරම්භ කරන, ප්රදානය කරන, ප්රවර්ධනය කරන, ප්රචාරය කරන, පවත්වාගෙන යන, මුදල් සපයන, කළමනා කරණය කරන හෝ මෙහෙයවන ඕනෑම පුද්ගලයකු 1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකට වරදකරුවකු වේ.
