වීරවිල එළිමහන් සිරකඳවුරේ පුනරුත්ථාපනය ලබමින් සිටි රැඳවියෙකු නිදැල්ලේ සිටි මුවෙකුගේ ප්‍රහාරයකට ලක්වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
අදාළ පුද්ගලයා කඳවුරු භූමියේ පිරිසිදු කිරීමේ කටයුත්තක නිරතව සිටියදී මුවෙකු විසින් ඔහුට මෙලෙස ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
එහිදී තුවාල ලැබූ රැඳවියා දෙඹරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වරපලාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට මාස 09ක සිරදඩුවම් ලැබූ රැඳවියෙකි.
