ගෝඨා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (09) දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත පැමිණ ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් සිදුකළ කැඳවීමකට අනුව ගෝඨාභය රාජපක්ෂ අද (09) පෙරවරුවේ එම කාර්යංශය වෙත පැමිණ ඇත.

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සුගීෂ්වර බන්ඩාර සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ එම කාර්යංශයට පැමිණ ඇති බව වාර්තා වේ.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel