2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණයක් ගෙන ඇත.
ඒ අනුව අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කර ඇති අතර තෙවන කාර්තුවේදී ක්‍රියාත්මක වූ විදුලි ගාස්තු ක්රමයම මෙම කාර්තුවේදී බලාත්මක වනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
නොවැම්බර් මස (09) වැනිදා යාවත්කාලීන කළ පිරිවැය දත්ත සහ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සලකා බැලීමෙන් අනතුරුව විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට කොමිෂන් සභාව තීරණය කර ඇත.
