අනෝජන්ට නිදහස.. සෞදි රාජ්‍යයට ශ්‍රී ලංකා රජයෙන් ප්‍රසාදය

සෞදි අධිකරණයෙන් චෝදනා ලැබු අනෝජන් සිවරාසා නිදහස් කර ඇති අතර ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නිවැරදි මගපෙන්වීම, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්ගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම හා සෙසු රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම්  මත අනෝජන් සිවරාසා නිදහස් කර ගැනීමට හැකිවූ බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

ඒ සඳහා මැදිහත් වූ සෞදි රජයට, එරට අධිකරණයට, සෞදි හා ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික ආයතන හා නිලධාරීන්ටත් මේ සඳහා සෞදි අරාබියට ගිය නීතීඥ කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමිවන බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.

අනෝජන්ගේ පවුලේ ඥාතීන් අද (11) විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුලුව මේ සඳහා සම්බන්ධ වූ සියලු රාජ්‍ය ආයතන හා නිලධාරින් හට තම පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා දැක්වූ කැපවීම වෙනුවෙන් ඔවුහු සිය ස්තුතිය පළකර ඇත.

මේ අතර අනෝජන් සිවරාසාට එරෙහිව සෞදි අරාබි රාජධානියේ පවතින නඩුවේ ඉදිරි නීතිමය කටයුතු තවදුරටත් පවත්වා ගෙන නොයාමට සහ එම නඩුව නිල වශයෙන් අවසන් කිරීමට සෞදි අරාබි රාජධානියේ රජයේ අභිචෝදක අධිකාරිය ගත් තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය බලවත් ප්‍රසාදය සහ සතුට පළ කර සිටියි.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel