අනුරාධපුරය, රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්යග්රහ භූමියේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.
එහිදී උපවාසයක නිරත වන බලංගොඩ කස්සප හිමි ඇතුළු එම ස්ථානයේ රැඳී සිටි පිරිස සමඟ රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු ගිහි පිරිසක් පැමිණ බහින්බස් වීමක් සිදුවිය.
එම අවස්ථාවේදී කස්සප හිමි ඇතුළු පිරිස උපවාසය පැත්තකට දමා එල්ල කළ පොලු ප්රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන හිමිගේ ඔළුව පැලී ලේ ගලන්නට වුණි.
එම අවස්තාවේදි කස්සප හිමි ඇතුළු පිරිස රාජාංගනයේ සද්ධාරතන හිමිගේ සිවුර ගලවා පහරදීමක් ද සිදු කළේය.
