විශේෂ සහන පැකේජ.. 2027 අයවැය යෝජනා

*2025 වසරේදී තනිව සංචාරය කරන්නන්ගේ වර්ගීකරණයට අනුව ලෝක දර්ශකයේ පළමු තැන ශ්‍රී ලංකාවට.

*2027 අයවැයෙන් මෙතෙක් අපි අත්පත් කරගත් ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව නව ආර්ථික පරිවර්තනයක් වෙනුවෙන් වූ ප්‍රතිසංස්කරණ සහ යෝජනා ක්‍රියාවට නැංවීමයි.

*2026 වනවිට ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කෙරේ.

*2028 ණය ගෙවීමේ මූල්‍ය ස්ථාවරය අප සතුයි. 2032 රාජ්‍ය ණය 95% දක්වා අඩු කිරීමට IMF ඉලක්කයයි. එය අභියෝගයකි.

*රාජ්‍ය දේපල කළමණාකරණ පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

*ආර්ථික පරිවර්තනය වෙනුවෙන් සිදුකරන ව්‍යුහාත්මක වෙනස්කම්.

*රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව පනත් කෙටුම්පත 2027 මුලදී ගෙන එනවා.

*ක්ෂූද්‍ර මූල්‍ය ණය අධිකාරිය 2027 වසරේ ස්ථාපනය කරනවා.

*ආයෝජකයින්ට විශේෂ සහන පැකේජයක්.

*ජාතික තනි වෙළෙඳ කවුලුවට රුපියල් මිලියන 1990ක්.

*පවතින නිදහස් වෙළෙද ගිවිසුම යාවත්කාලීන කෙරේ.

*බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක්.

*පුනර්ජනනීය බලශක්තිය වැඩි දියුණු කිරීමට පියවර.

2027 අයවැය යෝජනා =

*ආයෝජන ආරක්ෂණ පනත් කෙටුම්පත නීතිපති නිෂ්කාශන සඳහා ඉදිරිපත් කෙරේ.

*නිෂ්පාදන බදු සහන පනත සංශෝධනය කරනවා.

*ජාතික සංඛ්‍යාලේඛන පනත කෙටුම්පත් කරමින් සිටිනවා.

*2027 මුලදී රේගු ආඥ පනත සංශෝධනය කරනවා.

*නිෂ්පාදන බදු සහන පනත ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

*මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

*ආයෝජන ප්‍රදේශ හඳුනාගෙන කොළඹින් පිටතට රැගෙනයාම සඳහා විශේෂ සහන පැකේජයක්.

*ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව විශේෂ සමාගමක් පිහිටුවනවා.

*සූදු අධිකාරී පනතට නියාමන කොන්දේසි ගෙන එනවා.

*ආනයනය සහ අපනයනයකරුවන් සියලු දෙනා‘තනි වෙළඳ කවුළුවට’

*තවත් රාජ්‍යයන් සමග නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹෙනවා.

*චීනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමකට අවධානය.

*කැසිනෝ සහ සූදු නියාමනයට විශේෂඥ සහාය සහිතව අවශ්‍ය නියාමන රෙගුලාසි සකස් කරලා අවසන්. ඉක්මනින් පාර්ලිමේන්තුවට.

*ආයෝජන ප්‍රවර්ධනය සඳහා විදෙස් විශේෂඥයින්ගේ සහභාගීත්වය ඇති 100%ක් භාණ්ඩාගාරය හිමිකම් දරණ විශේෂ සමාගමක් පිහිටු වනවා. එම පුද්ගලයින්ව විශේෂ වැටුප් තලවල පිහිටුවනවා.

*තෝරාගත් අපනයන භාණ්ඩ කිහිපයක් සඳහා ජාතික තනි වෙළෙඳ කවුළුවට අපනයන ව්‍යාපාරිකයින් 2027 මුල් භාගයේ සහ ආනයන ව්‍යාපාරිකයින් සහ ප්‍රතිනැව්ගත කිරීම් 2027 අගභාගයේදී. එය තවත් ප්‍රවර්ධනයට රු.මි 1990ක් වෙන් කිරීමට යෝජනා.

*චීනය සමග නව නිදහස් වෙළඳ ගිවිසුමකට අවධානය.

0 Comments
Most Voted
Newest Oldest
Follow WhatsApp Channel